ඉතුරුම්
ඔබේ සිහින සැබෑකර ගැනීමට උපකාර කිරීම
ඉතුරුම්

LCB ෆිනෑන්ස් අපි ඔබගේ මූල්‍ය තත්වයේ නිසි මඟ පෙන්වීම විශ්වාසනීය ලෙස සිදු කරන්නෙමු. ශක්තිමත් ඉතුරුම් ගිණුමක සහාය ඇතිව ඔබේ ජීවිතය සමඟ ඉදිරියට යෑම සඳහා ඔබට ජීවිතය පහසු වන සේ අප සේවය සලසන්නෙමු . අපගේ ඉතුරුම් ගිණුම් එකකට එකක් වඩා වැඩි ආකාරයකින් ප්‍රතිලාභ ලබා දෙමින් භාවිතයේ පහසුව, විශාල ගාස්තුවක් හෝ වෙනත් සැඟවුණු ගාස්තු නොමැතිව විශ්වාසනීය සේවාවක් අප සලසනු ඇත. විවිධ විකල්ප අතරින් අප සමඟ ඉතුරුම් ගිණුමක් පවත්වා ගෙන යාම ඉතා පහසු සහ විශ්වාසනීය සේවාවක්වක් බව ඔබට වැටහෙනු ඇත.

ස්මාර්ට් ඉතුරුම්

LCB SMART ඉතුරුම් ගිණුම ඔබේ මුදල් කළමනාකරණය කිරීමට සහ වර්ධනය කිරීමට ආරක්ෂිත සහ විශ්වාසනීයම මාර්ගයයි. ඔබ නිශ්චිත ඉලක්කයක් සඳහා ඉතිරි කරන්නේ නම් හෝ හදිසි අරමුදලක් ගොඩනඟන්නේ නම්, මෙම ඉතුරුම් ගිණුම ඔබේ මූල්‍ය අරමුණු සාක්ෂාත් කර ගැනීමට උපකාර වන බොහෝ වාසි ලබාදෙයි.

 

මූලික ලක්ෂණ :-

  • මූලික තැන්පතුව රු.1,000.00 කි.
  • පොලී උපයා ගැනීම සඳහා රු.1,000.00ක අවම ශේෂයක් පවත්වා ගත යුතුය.
  • ස්ථාවර නියෝග පහසුකම්.
  • පොලිය දෛනික ශේෂය මත ගණනය කර මාසිකව බැර කෙරේ.
  • සිදු කරන සෑම ගනුදෙනුවක් සඳහාම නොමිලේ SMS දැනුම්දීම.

 

සුදුසුකම් :-

  • වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන් SMART ඉතුරුම් ගිණුම සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.

 

අවශ්‍යතා :-

  • Mandate පත සම්පූර්ණ කිරීම.
  • වලංගු ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රයේ පිටපතක්
  • KYC (ඔබේ පාරිභෝගිකයා දැනගන්න - අවශ්‍යතාවය - NIC අංකය සහිත විදේශ ගමන් බලපත්‍රය.
  • ලිපිනය සනාථ කිරීමේ ලේඛන - එනම් වත්මන් තැපැල් ලිපිනය ජාතික හැඳුනුම්පතට හෝ රියදුරු බලපත්‍රයට වඩා වෙනස් වෙනත් ලිපිනයක් නම්, ස්ථාවර උපයෝගිතා බිල්පතේ පිටපත, බැංකු ප්‍රකාශය, පදිංචිය සනාථ කිරීමේ ලිපියක් ලබා දීම් අත්‍යවශ්‍ය වේ.

 

ඉතුරුම් පොලී අනුපාතය
වාර්ෂික පොලී අනුපාතය 5%
රැජිනි ඉතුරුම් ගිණුම්

LCB ෆිනෑන්ස් කාන්තාවන් සඳහාම විශේෂයෙන් මෙම ගිණුම නිර්මාණය කර "RAJINI ඉතුරුම් ගිණුම" ලෙස හඳුන්වා දෙන්නේ ඉතා ආඩම්බරයෙනි. එය කාන්තා වන්ගේ මූල්‍ය සවිබල ගැන්වීම උදෙසාම ඔවුන්ගේ අභියෝග ජයගෙන, අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා අනාගතය වෙනුවෙන් ඉතිරි කිරීම, ව්‍යාපාරයක් ආරම්භ කිරීම හෝ ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීම්ට නිවැරදි මග පෙන්වීම ලබා දෙමින් කාන්තාවන්ට සහාය වීම අපගේ අරමුණයි.

 

මූලික ලක්ෂණ

  • අමතර මූල්‍ය සැපයීම සඳහා ඉහළ ප්‍රතිලාබ - සාමාන්‍ය ඉතුරුම් ගිණුම්වලට වඩා ඉහළ පොලී අනුපාතය.
  • මූලික තැන්පතුව රු.1,000.00 කි.
  • ස්ථාවර නියෝග පහසුකම්.
  • පොලිය දෛනික ශේෂය මත ගණනය කර මාසිකව බැර කෙරේ.
  • සිදු කරන සෑම ගනුදෙනුවක් සඳහාම නොමිලේ SMS දැනුම්දීම.

 

සුදුසුකම්

  • RAJINI ඉතුරුම් ගිණුම වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකික කාන්තාවන්ට විවෘත කළ හැ ක.

 

අවශ්‍යතා

  • Mandate පත සම්පූර්ණ කිරීම.
  • වලංගු ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රයේ පිටපතක්
  • KYC (ඔබේ පාරිභෝගිකයා දැනගන්න - අවශ්‍යතාවය - NIC අංකය සහිත විදේශ ගමන් බලපත්‍රය.
  • ලිපිනය සනාථ කිරීමේ ලේඛන - එනම් වත්මන් තැපැල් ලිපිනය ජාතික හැඳුනුම්පතට හෝ රියදුරු බලපත්‍රයට වඩා වෙනස් වෙනත් ලිපිනයක් නම්, ස්ථාවර උපයෝගිතා බිල්පතේ පිටපත, බැංකු ප්‍රකාශය, පදිංචිය සනාථ කිරීමේ ලිපියක් ලබා දීම් අත්‍යවශ්‍ය වේ.
ඉතුරුම් පොලී අනුපාතය
වාර්ෂික පොලී අනුපාතය 5.5%
පොඩිත්තා ඉතුරුම් ගිණුම්

LCB පොඩිත්තා ළමා ඉතුරුම් ගිණුමෙන් ඔබේ දරුවාගේ හෝ ඔබේ මුනුබුරාගේ අනාගතය ඵලදායි ලෙස ගොඩනඟා ගැනීම සඳහායි. LCB පොඩිත්තා ළමා ඉතුරුම් ගිණුමෙන් අදහාගත නොහැකි ප්‍රතිලාභ පිරිනැමේ.

මූලික ලක්ෂණ

  • ආකර්ශනීය පොලී අනුපාතය
  • ගිණුම් ශේෂයේ වර්ධනය සමඟින් විශ්මිත ප්‍රතිලාභ රැසක්
  • ඕනෑම මුල්‍ය ආයතනයක් සමඟ ස්ථාවර නියෝග හරහා කාලීන බැර කිරීම්.
  • ගිණුමේ ශේෂය මත පදනම් වූ ආකර්ෂණීය තෑගි යෝජනා ක්‍රමයක්,
  • මුදල් ආපසු ගැනීමේදී දරුවාගේ අවශ්‍යතා අධ්‍යාපනික සහ වෛද්‍ය කටයුතු සපුරාලීම සඳහා නම් සමාගමේ අභිමතය පරිදි අවසර දෙනු ලැබේ.

 

සුදුසුකම්

  • වයස අවුරුදු 18ට අඩු දරුවන්ගේ දෙමාපියන් සහ ඥාතීන් ගිණුමක් විවෘත කිරීමට සුදුසුකම් ලබයි, උප්පැන්න සහතිකය ඉදිරිපත් කිරීමෙන් දෙමාපියන් / භාරකරුවන්ට ගිණුම් විවෘත කළ හැකි වේ.
  • අවම තැන්පතු මුදල රු. 1,000/=

 

අවශ්‍යතා

  • ගිණුම්නි විවෘත කිරීම් සඳහා නිසි පරිදි පිර වූ අයදුම්පත
  • දරුවාගේ උප්පැන්න සහතිකයේ පිටපත
  • දෙමාපියන්ගේ හෝ භාරකරුගේ ජාතික හැඳුනුම්පතේ / ගමන් බලපත්‍රයේ / රියදුරු බලපත්‍රයේ පිටපතක්
  • ලිපිනය සනාථ කිරීමේ ලේඛන - එනම් වත්මන් තැපැල් ලිපිනය ජාතික හැඳුනුම්පතට හෝ රියදුරු බලපත්‍රයන් වඩා වෙනස් වෙනත් ලිපිනයක් නම්, ස්ථාවර උපයෝගිතා බිල්පතේ පිටපත, බැංකු ප්‍රකාශය, පදිංචිය සනාථ කිරීමේ ලිපියක් ලබාදීම් අවශ්‍යතාවය වේ.
ඉතුරුම් පොලී අනුපාතය
වාර්ෂික පොලී අනුපාතය 6%
සිහින අයෝජන ගිණුම

ඔබේ මූල්‍ය අනාගතය පාලනය කිරීමට ඔබ සූදානම්ද ? එසේ නම් LCB Finance "SIHINA Ayojana" හැර වෙනතක් බලන්න එපා. මෙම විශිෂ්ට ගිණුම සමඟින්, සමෘද්ධිමත් සහ සුරක්ෂිත හෙටක් සඳහා මාර්ගය සකසා ගත හැකිය.

මූලික ලක්ෂණ

  • මාසික ඉතුරුම් කැපවීමක් තුළින් එකඟ වූ කාල සීමාව අවසානයේ ඉලක්කගත මුදලකට ළඟාවීම.
  • ආකර්ශනීය පොලී අනුපාතය.
  • පාරිභෝගික මනාපය අනුව මාසික ආයෝජන මුදල ගෙවීමේ දිනය තීරණය කරනු ලැබේ.
  • ඉලක්කගත මුදල සහ ආයෝජන කාලය පාරිභෝගිකයා විසින් තෝරා ගනු ලැබේ.
  • ආයෝජන කාලය: අවම වශයෙන් වසර 01 සිට උපරිම වසර 03 දක්වා
  • ගිණුම්හිමියාට තම ඉතුරුම් ගිණුම්වලට දිනපතා මුදල් තැන්පත් කළ හැකි අතර රැස් කරගත් අරමුදල් ඔවුන්ගේ SIHINA Ayojana ගිණුම් වෙත මාරු කර ගැනීමට හැකිවේ.

 

සුදුසුකම්

  • SIHINA "අයෝජන ගිණුම" සඳහා වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන් අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.

 

අවශ්‍යතා

  • Mandate පත සම්පූර්ණ කිරීම.
  • වලංගු ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රයේ පිටපතක්
  • KYC (ඔබේ පාරිභෝගිකයා දැනගන්න - අවශ්‍යතාවය - NIC අංකය සහිත විදේශ ගමන් බලපත්‍රය.
  • ලිපිනය සනාථ කිරීමේ ලේඛන - එනම් වත්මන් තැපැල් ලිපිනය ජාතික හැඳුනුම්පතට හෝ රියදුරු බලපත්‍රයට වඩා වෙනස් වෙනත් ලිපිනයක් නම්, ස්ථාවර උපයෝගිතා බිල්පතේ පිටපත, බැංකු ප්‍රකාශය, පදිංචිය සනාථ කිරීමේ ලිපියක් ලබා දීම් අත්‍යවශ්‍ය වේ.

Assumption

*Monthly Deposit amount is occurred in the beginning of every month