එක්ව නැගී සිටින රටක් ලෙස අප ජාතිය, ආගම් හෝ ප්‍රදේශ ලෙස කිසිදු වර්ගීකරණයකින් තොරව දිනෙන් දින මිලියන සංඛ්‍යාත පාරිභෝගිකයන් සහ ව්‍යාපාර සිහින බලගැන්වීම අපගේ එකම අරමුණ කොට ගෙන ඇත. අප, ඔබේ ව්‍යාපාරය සාරවත් කරගැනීමට කදිම මඟ පෙන්වන්නකු වීමටත්, ඕනෑම ගෝලීය අභියෝගයන් හමුවේ නොසැලී ඉදිරියට යෑමට අත්වැලක් වන්නට තරම් ද අප ශක්තිමත්ය. අඩු ආදායම්ලාභීන්ට ඔවුන්ගේ ජීවන මට්ටම නගා සිටුවීම උදෙසා ස්වයං රැකියා අවස්ථා වෙනුවෙන් අවශ්‍ය පහසුකම් ලබා දීමට, සුවිශේෂී විසඳුම් සමග මිත්‍රශීලි පාරිභෝගික සේවාවක් අප ලබා දෙන්නෙමු. ඒ වෙනුවෙන් අප ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයින් හඳුනාගෙන ඒ අයගේ සම්පත් මත පදනම්ව වර්ගීකරණය කිරීම අපගේ එක් ක්‍රියාමාර්ගයකි. කුඩා ව්‍යාපාර ක්ෂුද්‍ර පරිමාණයේ සිට මධ්‍යම පරිමාණයට නංවාලීම සඳහා ණය පහසුකම් සහ නිසි මග පෙන්වීම සමග උපදෙස් ලබා දීම උදෙසාම වෙන්වු උපදේශන කණ්ඩායමක් සමඟ විශිෂ්ඨ පාරිභෝගික සේවාවක්, අප ස්ථාපනය කර තිබීම කදිම නිදසුනකි.
| දර්ශකය | එකතුව රුපියල් '000 |
|---|---|
| ශුද්ධ ලාභය කලාපය තුළ | 204,513 |
| ශුද්ධ පොලී | 846,806 |
| මුළු වත්කම් | 9,248,483 |
| ආදායම මුළු ඉපයීම් වත්කම් | 8,467,836 |
| මුළු ශුද්ධ ණය සහ අත්තිකාරම් | 7,756,725 |
| ද්‍රවශීලී වත්කම් අනුපාත ප්‍රමාණයන් | 14.96% |
| ප්‍රාග්ධන අරමුදල | 3,123,407 |
| අවදානම් බර සහිත ප්‍රාග්ධන ප්‍රමාණවත්තා අනුපාතය | 36.73% |
Lanka Credit and Business Finance PLC known as LCB Finance is a fully fledged, Trusted financial institute in non-banking financial Institution
(NBFI) Sector with approval of Central Bank Sri Lanka. We serve around 71,000 customers across country with network of 23 branches. Our Financial Performance at a Glance as at 31/03/2025
නිවසටම පැමිණ සිදු කරන විශේෂ සේවය: නිවසටම පැමිණ ඔබේ පහසුව වෙනුවෙන් අපේ සේවය ඔබ වෙත ගෙන ඒම තුලින් ඔබගේ කාලය හා ශ්‍රමය ඉතිරි කරයි. තවද ඒ තුලින් තම අවශ්‍යතාවය සම්පූර්ණ කරගැනීම සඳහා ගණුදෙනුකරුවන්ට තවදුරටත් රැකියාවෙන් නිවාඩු ලබා ගැනීමට හෝ අපගේ ශාඛාවෙත පැමිණම අවශ්‍ය නොවේ. ඒ වෙනුවට ඔබට අපගේ බැංකු නියෝජිතයා සමඟ හමුවීමට අවශ්‍ය වේලාව වෙන්කර ගෙන තමාට අවශ්‍ය ගණුදෙනු කටයුත්ත පහසු ස්ථානයකදී අවසන් කළහැකිය.
LCB Finance PLC adopts a strong compliance framework as we prioritize the protection of the investments of our valuable customers. Our regulatory overview attests to the unshakable confidence our customers have endowed in us. For All FAQs related to Sri Lanka Deposit Insurance Scheme Click the link below : Deposit Insurance | Central Bank of Sri Lanka