සභාපති තීරුවල සණස සමිතිය
සභාපති තීරුවල සණස සමිතිය

මම තිරුවල සණස සමිතියේ සභාපති. පසුගිය වසර දෙක තුළ අපිට හරි අසීරු කාලයක් වුණා. කෘෂිකර්මාන්තය තුලින් නැගී සිටීම තමයි අප සාමාජිකයින්ගේ ප්‍රධාන අරමුණ වුණේ. ඒ නිසාම නව තාක්ෂණය භාවිතා කර ගෙන පලතුරු, එලවලු වගාවට අපි පෙළඹුණා. ඒ සඳහා අපිට අවශ්‍ය කුඩා ණය ලබා දෙමින්, නිවැරදි මගපෙන්වීම තුළින් අපට ශක්තියක් වූයේ LCB ආයතනයයි.

විශේෂයෙන්ම කියන්න අවශ්‍යයි එහි CEO තනතුර හොබවන ලීලා නන්ද මහතා පුදුමාකාර සහයෝගයක් අප ඒ වෙනුවෙන් ලබා දුන් බව තවදුරටත් කෘෂිකර්මාන්තය පුළුල් කරමින් නගා සිටුවීම සඳහා මෙතුමන් මුල් වී කටයුතු කරන බවට පොරොන්දු විය. අපගේ ජීවිත නගා සිටුවීමට සහය දුන් එතුමන් ඒ වචනය රකින බව අපට විශ්වාසයි.